"අයි රෝඩ්" මාර්ග 02 ක් සංවර්ධනයට...

මාර් 06, 2022

    බදුල්ල, කන්දෙගෙදර, වීරගම මාර්ගය සංවර්ධනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

    ඒ, පාර්ලිමේන්ත්‍රි මන්ත්‍රී ඩීලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. "අයි රෝඩ්" ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50 ක්. ව්‍යාපෘතිය යටතේ, කිලෝමීටරයක දුරක් කාපට් කිරීමට නියමිතයි. සෞභාග්‍ය මන්පෙත වැඩසටහන යටතේ මෙම මාර්ගය සංවර්ධනය කෙරෙනවා.

    මේ අතර, සරණාතොට නාරංගල කෝවිල අසල සිට මිරියගල්ල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම ද ඊයේ ආරම්භ කෙරුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. එම මාර්ගය සංවර්ධනය කෙරෙන්නේද "ද අයි රෝඩ්" ව්‍යාපෘතිය යටතේ වන අතර කිලෝමීටර් 06 ක් ඒ යටතේ කාපට් කෙරෙනු ඇත. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50 ක්.

    Last modified on ඉරිදා, 06 මාර්තු 2022 11:28

    Latest News