පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනකු මරුට

පෙබ 15, 2022

    පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.


    ඊයේ (14) දහවල් නොරොච්චෝලේ සිට කොළඹ දක්වා ධාවන කළ වෑන් රථයක් රියදුරුට නින්ද යාම නිසා මාර්ගයේ දකුණ පැත්තේ නවතා තිබූ යතුරු පැදියක වැදී , අනතුරුව හලාවත සිට ආනවිළුන්දාවට යමින් සිට යතුරු පැදියක වැදී ඇති බව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අණාවර්ණය වී තිබේ.

    අනතුරෙන් මාර්ග සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සේවය කළ වයස 57 සහ 51ක කම්කරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇත. සිද්ධිය සම්බන්ධව වෑන් රථ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව ආරච්චිකට්ටුව පොලීසය පරීක්ෂණ පවත්වනු ලබයි.

    Latest News