74 වැනි නිදහස් දිනය අදයි..සජීව විකාශය මෙතැනින් නරඹන්න

පෙබ 04, 2022
  • 74 වැනි නිදහස් දින උළෙල අභිමානවත් අයුරින් සැමරීමට සියල්ල සූදානම්. උත්සවය අද උදේ 7.30ට පමණ ආරම්භ කෙරේ. 

    ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ විශේෂ ආරාධිතයන් නිදහස් දින උත්සවය පැවැත්වෙන කොළඹ 7, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට සම්ප්‍රාප්ත වීමෙන් පසු උළෙල ආරම්භ කෙරේ. ජනාධිපතිතුමා විසින් ජාතික ධජය ඔසවා ජාතිය ඇමතීමෙන් පසු නිදහස් දින උත්තමාචාර සම්මාන පෙළපාලිය ආරම්භ කෙරෙනු ඇති.

    සම්මාන පෙළපාලිය ත්‍රිවිධ හමුදාව,පොලීසිය,පොලිස් විශේෂ බලකාය,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,ජාතික ශිෂ්‍ය භට බලකාය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 319 දෙනෙකුගෙන් හා සෙසු නිලයන් 5,947 දෙනෙකුගෙන් සමන්විතයි.

    මෙවර නිදහස් දින සැමරුමට සහභාගීවීම සඳහා මහජනතාවට එම පරිශ්‍රයට පැමිණීමට අවසර හිමි නොවන අතර උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වෙන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8,034 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා උසස් කර තිබේ.

    ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එම උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදාව සඳහන් කරයි.

    Last modified on සිකුරාදා, 04 පෙබරවාරි 2022 07:50

    Latest News