චීන විදේශ කටයුතු ඇමති හෙට මෙරටට

ජන 07, 2022

    චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (08) මෙරටට පැමිණීමට නියමිතයි.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, චීන-ශ්‍රි ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදු වන බවයි.

    චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරයෙන් පසුව මහා පරිමාණ චීන ආයෝජකයන් රැසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි,චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසන්නේ.

    Latest News