පසුගිය දින 4ට ඩෙංගු ආසාදිතයන් 857ක්

ජන 05, 2022

    මේ වසරේ ආරම්භයේ සිට ගත වූ දින හතර තුළ ඩෙංගු වෛරස ආසාදිතයන් 857ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න මහත්මිය පවසයි.

    දිස්ත්‍රික්ක 15 ක් මුල් කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ඊයේ (04) සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය පියවර ගත් බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලාය.

    කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, මඩකලපුව, මන්නාරම, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක 15 තුළ පිහිටි ඩෙංගු මදුරුවන් බෝ විය හැකි වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 81ක් මුල් කර ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඇය පැවසුවාය.

    Latest News