ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව නව වසරේ රාජකාරී අරඹයි

ජන 04, 2022

    ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව උදාවු 2022 නව වසර වෙනුවෙන් රාජකාරි ඇරඹීම වර්ෂයේ ප‍්‍රථම රාජකාරි දිනය වු අද දින (03) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව ගුවන් හමුදා මුලස්ථානයේදි සිදු විය.

    මෙහිදි ගුවන් හමුදාධිපති විසින් විඩියෝ තාක්ෂණය ඔස්සේ සියළුම ගුවන් හමුදා කදවුරු වල සාමාජිකයන් අමතා 2022 නව වසරට සුභ පැතුම් එක් කිරිමෙන් අනතුරුව ප‍්‍රකාශකර සිටියේ සාමුහිකව කටයුතු කිරිම මගින් 2021 වසරේදි සුවිශේෂි අභියෝග රුසක් ජය ගැනිමට ගුවන් හමුදාවට හැකි වු බවත් 2022 වර්ෂයේදි ද දේශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරමින් දේශය ගොඩනැගිම සදහා උරදිමට සියළු ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් දිවිහිමිියෙන් කැපවි කටයුතු කළ යුතු බවත්ය. 

    උදාවූ 2022 නව වසර වෙනුවෙන් ගුවන් හමුදා සමාජිකයින්ට මෙන්ම ශ‍්‍රී ලංකා වාසීන්ට හා ලෝකවාසීන් හට සෙත් පතා 2022 ජනවාරි මස 02 වන දින ස්ර්වරාත‍්‍රික පරිත‍්‍රාන පිරිත් දේශනයක් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි මහ නායක නාහිමිපානන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

    නාහිමිපානන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානමය පිංකම 03 වන දින උදෑසන ගුවන් හමුදා මුලස්ථානයේදි පවත්වන ලදි.

    මෙයට සමගාමිව ගුවන් හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ‍්‍රි ලංකාව පුරා පිහිටි සියළුම ගුවන් හමුදා කදවුරු මගින් ස්ර්වරාත‍්‍රික පරිත‍්‍රාන පිරිත් දේශනාවන් පවත්වා පසුදින මහා සංඝරත්නය උදෙසා උදෑසන දානය පිරිනැමිම සිදු කරන ලදි.

    Last modified on අඟහරුවාදා, 04 ජනවාරි 2022 13:46

    Latest News