ආනයනික අර්තාපල් සහ ලොකු ඵෑණු බද්ද පහළට...

දෙසැ 31, 2021

    ආනයනික අර්තාපල් සහ ලොකු ඵෑණු සඳහා වූ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 30කින් අඩුකර තිබෙනවා.

    එය අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි, මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් දැනට වෙළෙඳපොලෙහි ඇති මිල ගණන් පහත හෙළීම තුළින් පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීම සඳහා මෙම පියවර ගත් බවයි, මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කෙරෙනවා.

    Latest News