ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

දෙසැ 31, 2021

    ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කළ නියෝගය අද දීර්ඝ කරනු ලැබුවා.

    "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළා.

    එම පැමිණිල්ල අද කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ඒ. මරික්කාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අදාල වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට විනිසුරුවරයා නියම කළා.

    අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් පැමිණිල්ල ඉදිරිපත් කළා.

    පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව "ජය ශ්‍රී" යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.

    වගඋත්තර කරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම් වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළා.

    Latest News