මෙය ඉදිකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කරන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්. සෞඛ්‍ය අමාත්‍යවරයාට සිටිය දී මෙන්ම ජනාධිපති ධූරයට රෝගය නිවාරණය කර ජනජීවිතය සුරක්ෂිත කිරීමයි. ඒ වෙනුවෙන් ජනාධිපති වකුගඩු රෝග නිවාරණ බලකාය පිහිටුවා රෝගීන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කෙරෙමින් පවතියි.
දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පොළොන්නරුවේ ඉදි කෙරෙන්නේ ද එම වැඩපිළිවෙළ යටතේ. ඉන් නොනැවතී වකුගඩු රෝගීන්ගේ පහසුව සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යාබදව මහල් 6කින් සමන්විත නව මධ්‍යස්ථානය ඉදිකර තිබේ.