UNP විරෝධි ප්‍රගතිශීලි බලවේගයකට මෛත්‍රී-මහින්ද සාකච්ඡා (වීඩියෝ)

පෙබ 23, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුලුල් සන්ධානයක් බිහිකිරීම පිළිබඳ සාකච්ජාවක් ඊයේ පැවැත්විණ.

    ඒ ජනාධිපති නිල නිවසේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාව පැවති බව වාර්තාවේ. ඊට දෙපාර්ශවයේම නියෝජිතයින් රැසක් සහභාගි වී තිබේ.

    මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා “මේ වකවානුවේ බිහිවන පුළුල්ම යුඑන්පී විරෝධි, ප්‍රගතිශීලි බලවේගය නිර්මාණය කිරීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා සියලුම වාමවාදී දේශප්‍රේමි, ජාතිකවාදී බලවේගයන් එකතුවී තිබෙනවා“ යැයි ඔහු සඳහන් කළේය.

    මේ පිළිබඳව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට ප්‍රදේශයේදී අද මේ පිළිබඳව අදහස් පළ කළා. 

    “එක්වීම පිළිබඳව සාකච්ජාවක් කෙරුණා. සන්ධානයක් ඇති කිරීම පිලිබඳව සහ උද්ඝෝෂණ ව්‍යාපාර වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ජා කළ බවත්, සම සභාපතිවරු විධියට ව්‍යවස්ථාවක් සදා නොමැති බව“ විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

     

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 20:01

    Latest News