චන්ද්‍රිකා වැව ගොවීන්, කාබනික පොහොරවලින් වී වගාව අරඹයි....(වීඩියෝ)

දෙසැ 05, 2021
  • වලව කලාපයේ, චන්ද්‍රිකා වැව කොට්ඨාසයේ ගොවීන් වී වගා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

    ඔවුන් සිය වගා කටයුතු සිදු කරන්නේ, කාබනික පොහොර භාවිතයෙන්. චන්ද්‍රිකා වැව ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර ඇත්තේ, උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමත් සමඟින්. හෙක්ටයාර 23,000ක භූමි ප්‍රදේශයක වී වගා කටයුතු සිදු කෙරෙන බව, මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමනාකාර එල්.එම්.එන්. ප්‍රියන්ත මහතා පවසනවා.

    Last modified on ඉරිදා, 05 දෙසැම්බර් 2021 17:13

    Latest News