මහනුවර - කොළඹ මාර්ගය කඩුගන්නාවෙන් වැසේ

නොවැ 11, 2021

    නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා පවසයි.

    කඩුගන්නවා ගල විදපු ස්ථානයේ නායයෑමේ අවධානමකට පත්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායමක් පෙන්වාදීමෙන් පසුව ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර පාර වසා දැමීමට තීරණය කර ඇත.

    එම මාර්ගය භාවිත කරන පුද්ගලයන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙයි.

    Latest News