පසුගිය සතියේදී විදෙස් සංචාරකයින් 9,000ක් දිවයිනට

නොවැ 09, 2021

    පසුගිය සතියේදී විදෙස් සංචාරකයින් 9,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ, ඉන් 3,107 දෙනෙකු ඉන්දියානුවන් වන අතර, රුසියානුවන් 774ක්, බ්‍රිතාන්‍යයෙන් 764ක් මෙන්ම ජර්මනිය, පාකිස්ථානය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව හා ස්විට්සර්ලන්තය යන රටවලින් සංචාරකයින් විශාල පිරිසක් මෙම කාලය තුළ දිවයිනට පැමිණ ඇති බවයි.

    රට විවෘත කිරීමත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යමින් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    යළි සීමා පැනවීමකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ලබන වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීම උදෙසා සංචාරක ව්‍යාපාරයට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකිවනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.  

    Latest News