එම නිසා දිවයිනේ බොහෝ ප්රදේශවලට තවදුරටත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. කොළඹ දිස්ත්රික්කයේ ස්ථාන කිහිපයකට ද ඊයේ රාත්රී සිට අධික වැසි ඇඳහැලුණු අතර, මහරගම-පිළියන්දල මාර්ගයේ ඇරැව්වල ප්රදේශය අද උදෑසන ජලයෙන් යටවී තිබුණා. අප වාර්තාකරු ප්රකාශ කළේ, වාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි.