අයි.එස් සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකිකයින් 702ක් ගැන පරීක්‍ෂණ....

නොවැ 01, 2021

    ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන අයි.එස්.අයි.එස් සංවිධානයට අයත් බව කියන සැකකරුවකුගේ ජංගම දුරකථන ඔස්සේ සොයාගත් ශ්‍රී ලාංකිකයින් 702 දෙදෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව ත්‍රස්ත මර්දන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත මර්දන කොට්ඨාශය දන්වා සිටියේ ඉන්දියාවේ අත්අඩංගුවට පත්ව සිටින අයි.එස්. අයි.එස් සංවිධානයට සම්බන්ධ බව කියන සාමාජිකයකුගේ ජංගම දුරකථන "වට්ස්ඇප්" ගිණුම පරීක්ෂා කිරීමේ දී ශ්‍රී ලාංකිකයින් 702 දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

    මෙම තොරතුරු ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කළ බව කී ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ නිලධාරින් ඒ අතුරින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිටින බවද සඳහන් කළා.  එම පුද්ගලයා හා සම්බන්ධකම් පැවැත්වු සෙසු ශ්‍රී ලංකිකයින් සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකරන බවයි ත්‍රස්ත මර්දන කොට්ඨාශය දැනුම් දී තිබුණේ.

    Latest News