ලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්දර නිකුත් කෙරේ

ඔක් 09, 2021

    ලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්දර නිකුත් කෙරුණා.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.  උත්සවය අද පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේදී. ලෝක තැපැල් දින සමරු මුද්දරය, නිත්‍ය කාණ්ඩයේ  රුපියල් 1000.00 ක මුද්දරය සහ ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂින් ඇතුළත් මුද්දර කට්ටලයක් ඊට අයත්.  ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊට අදාළ මුල්දින කවර සහ මුද්දර අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වූවා.

    Stamps2 900px 21 10 09

    ලෝක තැපැල් දින සමරු මුද්දරය නිර්මාණය කරනු ලැබුවේ, කොවිඩ්  19 වසංගතය හමුවේ මෙරට තැපැල් සේවාව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක බව, නිරූපණය වන  අයුරින්. එය චිත්‍ර ශිල්පී පුලස්ති එදිරිවීර මහතාගේ නිර්මාණයක්. රුපියල් දහසක නිත්‍ය කාණ්ඩයේ මුද්දරය ඉසුර චතුරංග මහතා නිර්මාණය කළා. එය, යාපහුවේ සිංහයා පිළිබිඹු වන අයුරින් අතින් අඳින ලද රේඛා සහිත මධ්‍ය රූප චිත්‍රයක්.

    මෙතෙක් මෙරට මුද්දරවලින් පිලිබිඹු නොවූ අලුකෑදැත්තා, හීන් කොට්ටෝරුවා, වනකොවුලැස්පටියා, පුල්ලි වල්අවිච්චියා, මහ රතු කෑරලා සහ  බඩ රතු වැහිලිහිණියා යන පක්ෂීන් අනෙකුත් මුද්දරවලින් නිරූපනය වනවා. එම මුද්දර නිර්මාණය කරනු  ලැබුවේ ද පුලස්ති එදිරිවීර මහතා විසින්. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර, තැපැල්පති  රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News