තෙවැනි මාත්‍රාව සඳහා 'ෆයිසර්' මාත්‍රා මිලියන14ක්

සැප් 21, 2021

    තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවය.

    එම එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මඟින් ඔක්තෝබර් මස 1වැනිදා වන විට ගෙවීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.

    තුන්වන මාත්‍රාවක් සඳහා වු නිර්දේශය පසුගිය මැයි මාසයේ දී එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් සිදුකළ බව බවත් ඒ අනූව මෙම එන්නත් තොගය ඇණවුම් කළ බවත්, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළේය. 

    Latest News