මෙරට තරුණයින් දහසකට ජපානයේ රැකියා

සැප් 15, 2021

    මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.

    ජපානයේ ශ්‍රී ලංකා තානාපති සජිව් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව අද (15) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

    මෙම රැකියා අවස්ථා සඳහා තෝරා ගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණු අවශ්‍යතා සපුරා දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

    මෙම සාකච්ඡාවට ජපානයේ ගොවිපල හිමිකරුවන් සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද සහභාගි වූහ.

    Latest News