අනතුර අද පස්වරුවේ සිදුවිය. ජීප් රථය දුම්රියේ ගැටෙන අයුරු ප්රදේශයේ තරුණයෙකුගේ ජංගම දුරකථනයේ පටිගත වී තිබිණ. අනතුර වෙන අවස්ථාවේදී ජීප් රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහු සුළු තුවාල සහ කම්පන තත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
බෙලිඅත්ත සිට කොළඹ බලා නවීකරණ කටයුත්තක් සඳහා ධාවනය වන දුම්රියේ මෙම ජීප් රථය ගැටී ඇති අතර එම අවස්ථාවේදී දුම්රියේ මාර්ගයේ අනතුරු අඟවන සංඥා ද නාද වී ඇත.
අනතුරත් සමග දුම්රිය එම ස්ථානයේ නතර කර සුළු වේලාවකදී නැවත ගමන් ආරම්භ කර ඇත. රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව පොලිසිය පවසයි.