රු. 2,000 නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට....

අගෝ 31, 2021

    නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූවන්ට පිරිනැමෙන රුපියල් 2,000 දීමනාව මෙතෙක් නොලැබුණු පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අද සිට අවස්ථාව හිමිවේ.

    ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එන් චිත්‍රානන්ද මහතා පැවසුවේ, අදාළ දීමනාවට සුදුසුකම් ලබා, මෙතෙක් එය නොලැබුණු පුද්ගලයින් වෙනුවෙන් මේ අවස්ථාව හිමිවන බවයි.

    පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මගින් අභියාචනා ඉදිරිපත් කළ යුතුයි. රුපියල් 2,000 දීමනාව සඳහා පවුල් ලක්‍ෂ 18ක් පමණ හඳුනා ගෙන ඇති බව ද, ලේකම්වරයා පවසයි. ඔවුන්ගෙන් 50%කට එම දීමනාව ලබාදී අවසන්.

    Latest News