අසාද් සාලි තවදුරටත් රිමාන්ඩ්

අගෝ 31, 2021

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා විසින් මෙම නියෝගය කර තිබේ. 

    අසාද් සාලි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. 

    ඉකුත් මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කළේ යැයි, සැකපිට අසාත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.  

    Latest News