ලෝක ආදීවාසී දිනය අද

අගෝ 09, 2021

    ලෝක ආදීවාසී දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “ආදීවාසීන් උදෙසා නව සමාජ සබඳතා” යන්නයි.

    ලොව පුරා ආදිවාසීන් මුහුණ දී ඇති අභියෝගවලට එක්ව විසඳුම් සෙවීම සඳහා ලෝක ප්‍රජාව යොමු කිරීමේ අරමුණින්,එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1994 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කළේය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනූව ලොවපුරා රටවල් 90ක මිලියන 476 කට ආදීවාසින් පිරිසක් ජීවත් වෙයි.

    ශ්‍රී ලංකාවේ වැදි ජනතාව ලෙස හැඳින්වෙන මෙරට ආදිවාසින් මේ වනවිට දිස්ත්‍රික්ක 6 ක ගම් 62 ක ජීවත් වෙයි. 

    Latest News