ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

ජූලි 17, 2021

    ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය.

    රෝගාතුරව සිටි ඒ මහතා වත්තල කල්‍යාණි මාවතේ පිහිටි නිවසේදී අද (17) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.

    80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා මහතා උන්මාද වූ ප්‍රේමාදරේ, හිමිනැති පෙමකට, දේව මන්දිරේ, වාසනා වේවා, ආදර ප්‍රිය ළඳුනේ, මට මුළු ලොව ලොවම ඔබයි, හදවිලේ ඔබ පිපුණා වැනි සදා මතකයේ රැඳෙන ගීත රැසක හිමිකරුවායි.

    1947 වසරේ අප්‍රේල් මස 04 වැනිදා වත්තලදී උපන් ඔහු සරසවිය පුවත්පත ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයෙකු ලෙස කටයුතු කළේ ය.

    චිත්‍රපට ගීත ඇතුළුව ඔහු විසින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1,000කට ආසන්නයි.

    දේහය වත්තල පෞද්ගලික අවමංගල්‍ය උත්සව ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (18) වත්තල කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

    Latest News