නෞකාවෙන් සිදුවූ හානියට රු.මි. 720ක් ගෙවීමට එකඟතාව

ජූනි 26, 2021

    ගිනිගැනීමට ලක් වූ, එම් වී එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය වෙනුවෙන් පළමු අතුරු හිමිකම්පෑමේ කොටස ලෙස රුපියල් මිලියන 720ක් ගෙවීමට අදාළ රක්‍ෂණ සමාගම එකඟ වී තිබේ.

    මෙය, වන්දි ලබාගැනීම සඳහා වූ සාකච්ජාවක ප්‍රතිඵලයක්. මෙම නෞකා අනතුරෙන් මෙරටට සිදුවූ හානිය ලෙස පළමු අන්තර් හිමිකම් පෑම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40ක වන්දි මුදලක් ගණනය කර තිබේ.

    මේ බව, නෞකාවේ රක්‍ෂණ සමාගමට නීතිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබ තිබේ. ගිනි ගැනීමට ලක්වූ එම්.එස්.සී මෙසීනා නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව මේ වනවිට ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවතට රැගෙන යමින් පවතී. අනතුරට පත් නෞකාව වෙත පැමිණි ආපදා ටග් යාත්‍රාවලින් එය සිංගප්පූරුව වෙත රැගෙන යන බව, නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

    Latest News