මාරවිල හා පුත්තලම රෝහලට PCR යන්ත්‍ර 2ක්

ජූනි 16, 2021

    වයඹ පළාත් සභාව විසින් පුත්තලම රෝහලට සහ මාරවිල රෝහලට PCR යන්ත්‍ර 02ක් ලබා දීම ඊයේ සිදුකෙරිණ.

    මීට වැයකර ඇති මුදල රුපියල් මිලියන 12ක්.

    වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පුත්තලම රෝහල් රැස්වීම් ශාලාවේදී එම යන්ත්‍ර පිරිනැමීම සිදුකෙරිණ.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත,පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක පියන්ත, චින්තක මායදුන්න, වයඹ ප්රීධාන ලේකම් පි.බි.එම් සිරිසේන, ආණ්ඩුකාර ලේකම් කමල් අමරසිංහ, පළාත් සෞඛ්‍ය ලේකම් කාන්ති වේහැල්ල, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සම්පත් ඉන්දික ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියේය.

    04 5

    05 3

     

    Latest News