අඩු ආදායම්ලාභී සහ ආදායම් අහිමි ජනතාවට රු. 5000 ලබාදෙයි

ජූනි 02, 2021

    කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී සහ ආදායම් අහිමි ජනතාවට රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම අද (02) ආරම්භ කෙරිණ.

    රජය, ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 30ක්. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් හාර ලක්‍ෂ 87,000ක්, රුපියල් පන් දහසේ දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලබා සිටී. සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත දීමනා ලැබූ පිරිසට මෙන්ම ජීවනෝපාය මාර්ග අහිමි වූ ජනතාවට ද පන් දහසේ දීමනාව ලබාදීමට නියමිතයි.

    හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වටරැක ග්‍රාමසේවා වසමේ සමෘද්ධිලාභීන්ට නිවෙස් වෙතටම ගොස් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අද සිදු කෙරිණ.

    රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පුද්ගලයින්ට පන් දහසේ දීමනාව ලබාදුන්නේ චන්ද්‍රා ද සිල්වා ක්‍රීඩාංගණයේදී.

    බත්තරමුල්ල, බටපත ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධිලාභීන් සඳහා ද රුපියල් පන් දහසේ දීමනාව ලබාදී තිබේ.

    කොලොන්නාව, ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමයේ ජනතාවට ද ගෙයින් ගෙට ගොස් පන් දහසේ දීමනාව දීමට පියවර ගැණින.

    Latest News