වැලිසර ආර්ථික මධ්‍යස්ථානය වැසේ

මැයි 07, 2021

    වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

    වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 25ක සේවකයන් 38 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බවයි, වාර්තා වන්නේ.

    එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇති අතර ඉදිරියේ දී පී.සී.ආර්.පරික්ෂණයට යොමු කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News