වාහන ආනයනයේදී, විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන ගෙන්වීමට ප්‍රමුඛතාව; අමාත්‍ය අමරවීර

අප්‍රේ 29, 2021

    ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ "දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා" යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් රටේ පරිසරයට හා කෘෂිකර්මාන්තයට අදාළ ක්‍ෂේත්‍ර රැසක් පිලිබඳ අවධානය යොමුකර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එය ක්‍රියාත්මක කිරීම රටේ හැරවුම් ලක්‍ෂයක් වනු ඇති බවයි, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ. වාහන ආනයනයේදී, විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන ගෙන්වීමට ප්‍රමුඛතාව ලබාදීමට ජනාධිපතිතුමා යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Latest News