ත්‍රස්ත ක්‍රියා නිසා මියගිය හමුදා, පොලිස් සාමාජිකයන්ගේ යැපෙන්නන්ට සහන සැලසීමට පියවර රැසක්‍; ආරක්‍ෂක ලේකම්

අප්‍රේ 29, 2021

    ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය හමුදා සහ පොලිස් සාමාජිකයන්ගේ යැපෙන්නන් වෙත සහන සැලසීම සඳහා පියවර රැසක් ගෙන ඇතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කලේ, මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිවූ බවයි. ගුණරත්න මහතා මේ බව කියා සිටියේ, ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී. එමෙන්ම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය අවිවාහක හමුදා හා පොලිස් සාමාජිකයින්ට, වයස අවුරුදු 55 සම්පූර්ණ වන දින සිට ඔවුන්ගේ දෙමාපියන්ට ජිවිත කාලය තුළ රුපියල් 25,000ක මාසික දීමනාවක් ලබාදීම ද මීට ඇතුළත්.

    ආබාධිතව සේවයෙන් ඉවත් වූ සාමාජිකයින්ට ගෙවන වැටුප් හා දීමනා ඔවුන් මියගිය විට යැපෙන්නන්ට ගෙවනු ලබයි. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධ සහිත තත්වයට පත් ඔවුන්ට, දැනට ගෙවන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය විට යැපෙන්නන් වෙත ගෙවීම ඇතුළු තවත් කරුණු රැසක් කැබිනට් පත්‍රිකාවට ඇතුලත්.

    මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා කරුණු පැහැදිලි කළේය.

    Latest News