කළුගඟ ජලාශයේ මංගල දියවර නිකුත් කෙරේ

අප්‍රේ 25, 2021

    කළුගඟ ජලාශයේ දකුණු ඉවුර ප්‍රධාන ඇළ මාර්ගයේ මංගල දියවර අද නිකුත් කෙරිණ.

    ඒ, අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කළුගඟ ව්‍යාපෘතිය යටතේ යළි පදිංචි කෙරුණු පවුල් 1300ක වගා කටයුතු වෙනුවෙන් යල කන්නය සඳහා ප්‍රථම වතාවටයි අද ජලය නිකුත් කළේ.

    දියවර නිකුත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා එය නිරීක්‍ෂණය කලේය. කලුගඟ ජලාශයේ දකුණු ඉවුර ප්‍රධාන ඇළ මාර්ගයේ ප්‍රථම වතාවට ලග්ගල, පල්ලේගම
    ප්‍රදේශයේ කුඹුරු අක්කර දෙදහසක් සඳහායි මෙලෙස ජලය නිකුත් කෙරුණේ.

    මෙතෙක් එම ගොවීන්ට වගාවන් සඳහා ජලය නොතිබුණු අතර, අද ජලය නිකුත් කිරීමත් සමඟ යල කන්නයේ වගා කිරීමට ජල පහසුකම් සැලසේ. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ප්‍රාදේශීය දේශපාලඥයින්, නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News