අගමැති; ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර පහන් දල්වයි

අප්‍රේ 21, 2021

    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සැම සිහිකරමින් අරලියගහ මන්දිරයේ දී අද (21) දින පෙරවරුවේ පහන් දැල්වීය.

    පළමුව ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනා සිහිකරමින් පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරත වූ අගමැතිතුමා අනතුරුව පහන් දල්වමින් ඔවුන් සැම අනුස්මරණය කළේය. මෙම අවස්ථාවට අගමැතිතුමා සමඟ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්වූහ.

    මෙයට වසර දෙකකට පෙර අද වැනි දිනෙක අන්තවාදීන් පිරිසක් එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් දෙසිය හැත්තෑවකට අධික පිරිසක් මිය ගිය අතර පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.

    මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන්වන නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ මහත්වරු සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා එක්ව සිටියහ.

    Latest News