මස්කෙළිය වෙළඳසැල් 4ක් හා හින්දු කෝවිල වැසේ

මාර් 22, 2021

    මස්කෙලිය නගරයෙන් 'කොවිඩ් 19' නව අසාදිතයන් 11 දෙනෙක් හමුවීමත් සමග වෙළදසැල් 04ක් සහ හින්දු කොවිලක් තවදුරටත් වසා දැමිමට පියවර ගෙන තිබේ.

    සන්මුගනාදන් හින්දු කොවිලේ පැවති රැස්විමකට සහභාගි වූ එම කොවිලේ පාලක සභාවේ නිලධාරියෙක් කොවිල තුලදී හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරිමෙන් පසු මියගිය අතර ඔහුගේ සිදු කල ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනූව ඔහුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී තිබුණි.

    ඉන් අනතුරුව එම කොවිලේ පුජකවරයාටද 'කොවිඩ් 19' වෛරසය අසාදනය වි තිබු නිසා , ඔහුන්ගේ ආශ්‍රිතයන් 35 දෙනෙකුගෙන් සිදු කළ පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනූව 11 දෙනෙක්ට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී තිබු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

    අසාදිතයන් හමු වු හින්දු කොවිලත් මස්කෙලිය නගරයේ වෙලදසැල් 04 තාවකාලිකව වසා දමා නව අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 33 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

    නව අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට කටයුතු කර ඇති බවද මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා වැඩිදුරටත් පැවසිය.

    Latest News