ගානියා බැරිස්ටර්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා

මාර් 09, 2021

    කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

    මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර විත්තිකාරියට භාරදීම සිදු කෙරිණ.

    අනතුරුව විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියම කළේය.

    අනතුරුව නඩුව ජුනි මස 4 වැනිදා කැඳවීමට ද නියම කෙරුණු අතර එදින විත්තිකාරිය අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය සඳහා දින නියම කිරීමට නියමිතයි.

    2019 වසරේ නොවැම්බර් මස 25 වැනිදා කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් පස් දෙනෙක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ගිණි අවි පෙන්වා තර්ජනය කර පැය කිහිපයක් රදවා තබා රටින් පලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් එම පුද්ගලයින් තමන්ට ලිංගික හිරිහැර කළ බවටත් ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය පැමිණිල්ලක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

    Last modified on අඟහරුවාදා, 09 මාර්තු 2021 11:35

    Latest News