මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාමාර්ග හමුවේ ආසියානු රටවල සහය ශ්‍රී ලංකාවට; අමාත්‍ය දිනේෂ්

මාර් 02, 2021

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාමාර්ග හමුවේ ආසියානු රටවල සහය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් අද පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    අදට යෙදී ඇති අමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන්, ඔහු පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් හමුවූයේ රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයේදී. ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු කාලීන දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳව ද එහිදී අදහස් පළ කෙරිණ.

    Latest News