ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා මරණ 10ක් වාර්තා වේ

පෙබ 22, 2021

    ඊයේ (21) තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    ඒ අනුව, මෙරටින් මෙතෙක් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445කි.

    කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10 දෙනෙක් එසේ මියගොස් තිබේ.

    ඉන් දෙදෙනෙක් නිවෙස්වලම මියගොස් ඇති අතර, තවත් අයෙක් රෝහල්ගත කරන විට මියගොස් ඇති බව සඳහන් වේ.

    ඊයේ වාර්තා වූ මරණ අතරට කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් අයත්ය.

    ඒ අනුව, සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගියේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව වෛරසය ආසාදිතව මිය ගිය 10 දෙනා ම වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයින් ය.

    පසුගිය 16 වන දා කළුතර පදිංචි 58 හැවිරිදි කාන්තාවක නිවසේදී මිය ගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස සටහන්වී ඇත්තේ, කොවිඩි ආසාදනයවීම සමග ලේ විෂවීම, හෘද රෝගී තත්ත්වය හා උග්‍ර දියවැඩියාවයි.

    නිවසේදී මියගොස් ඇති අනෙක් කාන්තා මරණය ද වාර්තාවී ඇත්තේ, පසුගිය 16 වනදා වන අතර, ඇය වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

    72 හැවිරිදි ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් ආසාදනය සමග ලේ විෂවීම සහ අධිරුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

    Latest News