ජයලාල් රෝහණ මහතා දැයෙන් සමුගනී

පෙබ 14, 2021

    සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ අවමංගල්‍යය බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරිණ.

    ජයලාල් රෝහණ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාව වෙත රැගෙන යනු ලැබීය. දේහය අද ප.ව. 4.00 දක්වා ඒහි තැන්පත් කර තිබිණ.

    කලක් රෝගී තත්වයෙන් පසු වූ ජයලාල් රෝහණ මහතා මියයන විට පසුවූයේ 56 වැනි වියේ. ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු අවමංගල්‍යය සභාව පැවැත්විණ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවුඩය, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

    කලාකරුවන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට ඒක්වූහ. අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබීය.

    Latest News