95 හැවිරිදි මවක් උපාධි පරීක්ණයකට පෙනී සිටී

පෙබ 06, 2021

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රථම ප්‍රාරම්භක මධ්‍ය මහා අවසාන පාලි හා සංස්කෘත විභාගය අද පැවැත්වෙයි.

    ඒ මහනුවර ඩී එස් සේනානායක ‍විද්‍යාලයේදී. එහි විශේෂත්වය වූයේ, 95 වැනි වියේ පසුවන ලීලාවතී ඇස්ලින් ධර්මරත්න නම් වූ මාතාව විභාගයට පෙනී සිටීමයි.

    ප්‍රසිද්ධි නොතාරිස්වරියක ලෙස කටයුතු කළ ඇස්ලින් මහත්මිය සිව්දරු මවක්. නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය වයස අවුරුදු 95ක් වුවත්, තම කටයුතු ඇය විසින්ම සිදු කර ගනු ලබයි.

    ඇය පාලි හා සංස්කෘත විභාගයට පෙනී සිටියේ, උපැස් යුවලක් පවා නොමැතිව බව ද විභාග ශාලාධිපතිවරයා කියා සිටියි. විභාගය අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඇස්ලින් මහත්මිය කියා සිටියේ, ප්‍රතිඵල ලැබුණු පසු ශ්‍රාස්ත්‍රපති විභාගය සඳහා ඉදිරිපත් වන බවයි.

    Latest News