ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් සැමරුමට චීන ජනාධිපතිවරයාගෙන් සුබ පැතුම්

පෙබ 05, 2021

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

    නව කොරොනා වසංගතයෙන් ඇති වු අභියෝගය හමුවේ, චීන ශ්‍රී ලංකා සබඳතා ප්‍රවණතාවයට එරෙහිව ඉදිරියට යමින් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය අඛණ්ඩව වර්ධනය වී තිබේ.

    සාම්ප්‍රදායික මිත්‍රත්වය දිනෙන් දින ගැඹුරු වෙයි.

    එක් තීරයක්, එක් මාවතක් පොදුවේ ගොඩනැගීම නව වර්ධනයක් දිනා ගත්තේය.

    චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා විශාල වැදගත්කමක් දක්වන තමා දෙරට සමගිව වසංගත විරෝධී හැඟීම ඉදිරියට ගෙන යමින් දෙරටේ විවිධ ක්ෂේත්‍රයන්හි හුවමාරු හා සහයෝගීතාව පුළුල් කර ගැඹුරු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කළේය.

    චීන ශ්‍රී ලංකා උපායශීලී සහයෝගී හවුල්කාරිත්වය, අවංක අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පරම්පරාවෙන් පරම්පරාවට නව මට්ටමකට තල්ලු කරනු ඇතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

    චීන අගමැති ලී ක ච්‍යන් මහතා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර ඇත.

    Latest News