චීනයේ සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ඉදිරි සතියේ දිවයිනට

පෙබ 05, 2021

    චීනයේ නිෂ්පාදනය කරන සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

    සභාපතිවරයා පෙන්වා දෙන්නේ එම එන්නත් මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ලියකියැවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට අද (05 වැනිදා) දින භාර දීමට නියමිත බවය.

    මෙම එන්නත් තොගය චීනයේ පරිත්‍යාගයක් බවද සභාපතිවරයා සඳහන් කළේය.

    ඊට අමතරව ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගමේ එන්නත සහ රුසියාවේ ස්පුට්නික් එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ලියකියැවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට මේ වන විටත් යොමු කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර කොවිඩ් මර්දන එන්නතක් වන එංගලන්තයේ නිෂ්පාදනය කර ඇති ‘ෆයිසර්’ එන්නතද මෙරටට ගෙන ඒම සඳාහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටු නියෝජිතයන් හා ‘ෆයිසර්’ එන්නත නිෂ්පාදනය කළ රටේ විශේෂඥවරු සමග ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට කීපයක් පැවැති වූ බව ජාතික ඖෂධ නියාම අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි.

     

    Latest News