ජාතික උරුමයන් නිශ්චිතව හඳුනාගැනීමේ නව ක්‍රමවේදයක්

පෙබ 04, 2021

    ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.

    එම කමිටු සාමාජිකයන් විසින් විජේරාම පිහිටි නිවසේ දී ඊයේ (03) පස්වරුවේ එම වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

    මෙම අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කරඇති යෝජිත ක්‍රමවේදය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා ලබන 08 වනදා පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

    ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ඉල්ලීම පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.

    ඒ අනුව ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ප්‍රවීණයන් 16 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කෙරුණි.

    Latest News