පාසල් ප්‍රවාහන රථවල රියදුරන් සහ සහායකයින්ටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

ජන 24, 2021

    පාසල් විවෘතවීමෙන් පසුව ළමුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්නේදැයි රථවාහන පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනුව හෙට (25) සිට පාසල් ප්‍රවාහන රථවල රියදුරන් හා සහායකයන්ට ද අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    මේ අතර ඊයේ (23) දින මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගයින් 09 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා 2734 දෙනෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති අතර 2600කට නඩු පවරා තිබේ.

    නිරෝධායන රීතීන්ට අනුව ආයතන පැවැත්වෙන්නේ දැයි පරීක්ෂා කිරීම් ද අඛණ්ඩව සිදුකෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පොදූ ස්ථානවල, දුරගමන් බස් රථවල මගීන් සඳහා සහ සතිපොළ භූමිවල රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණ අද දිනයේත් ක්‍රියාත්මක ය.

    මේ අතර ඊයේ (23) දින කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළට ටෙනිස් බෝල 02 තුළ මත්ද්‍රව්‍ය සඟවා එවා තිබියදී සොයාගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක එවැනි සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව එය බවය.

    Last modified on ඉරිදා, 24 ජනවාරි 2021 15:21

    Latest News