විදේශයන්හි සේවයේ නිරතවූවන් මෙරටට ඒවන ඩොලරයක් සඳහා රු. 2.00ක දිරි දීමනාවක්

දෙසැ 21, 2020

    විදේශයන්හි සේවයේ නිරතවූවන් මෙරටට ඒවන මුදල් ශ්‍රී ලංකාවේ මුදල් බවට පත් කිරීමේදී අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 2.00ක දිරි දීමනාවක් ගෙවීමට 2021 අයවැයෙන් යෝජනා කර තිබේ. 

    ඒ්, කොවිඩ්-19 අභියෝගය මධ්‍යයේ වුවද ඔවුන්ගේ කාර්යභාරය සහ ආර්ථිකයට ඔවුන් දක්වන දායකත්වය අගය කරමින්. මෙම යෝජනා ක්‍රමය බලපත්‍රලාභී බැංකු මගින් ක්‍රියාත්මක කෙරෙන අතර, දිරි දීමනාව ගෙවීමට අවශ්‍ය පිරිවැය රජය විසින් දරනු ලබයි. ඒය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙහෙයුම් උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කෙරෙනු ඇත.  තමන් සතු අරමුදල් සුරක්ෂිත ප්‍රභවයන් ඔස්සේ මෙරටට ඒවීමටත්, ඒම ප්‍රේෂණ ශ්‍රී ලංකා මුදල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමටත් හැකි මෙම අවස්ථාව ප්‍රයෝජන ගන්නා ලෙස විදේශයන්හි සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    Latest News