මෙරට අපනයනය ආදායමේ වර්ධනයක්

දෙසැ 15, 2020

    කොවිඩ්-19 ගෝලීය ව්‍යසනය හේතුවෙන් ණය ලබාදෙන රටවල් පවා බැරෑරුම් තත්වයකට මුහුණ පා සිටියදී රාජ්‍ය හා පෞද්ගලික අංශවල මැදිහත්වීමෙන් මෙරට අපනයන ආදායමේ වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකිවූ බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    රටක් වශයෙන් ගෙවිය යුතු සියලු ණය වාරික මේ වනවිට ගෙවා අවසන්. ඉදිරි වර්ෂය සඳහා ද ණය වාරික සියල්ල ගෙවීමට රජයට හැකියාව පවතින බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ, "ගම සමඟ පිළිසඳරක් තුලින්-වැඩ සමඟ යළි ගමට" ජාතික වැඩසටහනේ දෙවැන්න වන වයඹ පළාත් සාකච්ජාවට අද ඒක්වූ අවස්ථාවේදී. කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ඒම සාකච්ජාව පැවැත්විණ. තාක්ෂණය පදනම් කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙනයාමට රජය අපේක්ෂා කරන බවත්, දිවයිනම ආවරණය වන පරිදි අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ලබන වසරේදී ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නගා සිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා ගම සමඟ පිළිසඳරක් තුළින් "වැඩ සමඟ යලි ගමට" වැඩසටහන සමඟ උපරිම කැපවීමෙන් ඒක්වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා සාකච්ජාවට සහභාගි වූ වයඹ පළාතේ දේශපාලන නායකයින්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

    සමූපකාර කේෂ්ත්‍රය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණ. බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ, ඒ් සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවයි. වාරි, කෘෂි, මාර්ග ඇතුලු කේෂ්ත්‍රවල පොදු ගැටලු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් සාකච්ජාවේදී ඉදිරිපත් කළේය.

    ඒම ගැටලු සඳහා ද ප්‍රතිචාර දැක්වීමට බැසිල් රාජපක්ෂ මහතා විසින් පියවර ගනු ලැබීය. ඉකුත් මාස කිහිපයේදී රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට රජය ක්‍රියා කළ ආකාරය පැහැදිලි කළ රාජපක්ෂ මහතා, පසුගිය වසරේ අවසන් කාර්තුවට සාපේක්ෂව මේ වසරේ ඒම කාර්තුව තුළ ආදායම ඉහළ නැංවීමට රජයට හැකිවී ඇතැයි ද පෙන්වා දුන්නේය. වයඹ පළාතට බලපාන සහ ඊට ආවේනික ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ජා කෙරිණ.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද, දයාසිරි ජයසේකර, සනත් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරු ද තවත් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික් නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සාකච්ජාවට ඒක්වූහ. උතුරු මැද පළාත් සාකච්ජාව අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී හෙට පැවැත්විමට නියමිතයි.

     

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 20:21

    Latest News