පූජ්‍ය කොට්ටාවේ නන්දහිමි සංඝනායක ධූරයට

ජන 20, 2019

    අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඞ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ති‍්‍රපිටකවේදී ශාස්ත‍්‍රපති පූජ්‍ය කොට්ටාවේ නන්ද ස්වාමින් වහන්සේ වෙත මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී වනවාස නිකායේ අමෙරිකාවේ ප‍්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    ධර්ම ප‍්‍රචාර කටයුතුවල නිරතවෙමින් උන්වහන්සේ සිදු කරන්නා වූ මහා සාසනික මෙහෙවර අගයමින් වතුරුවිල ශ‍්‍රී ඤාණානන්ද වංශාවතංස දේශාන්තර ශාසනාභිමානි විශ්ව කීර්ති විභූෂණ සාසන ගෞරව සහිත මෙම අභිනව ධූරය උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ. අභිනව මහානායක ස්වාමින් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    “නන්දනාභිනන්දන“ උපහාර හා ශාස්තී‍්‍රය දහම් ග‍්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. මහාවිහාර වංශික ස්‍යාමෝපාලි වනවාස නිකායේ මහානායක අතිපූජ්‍ය අම්පිටියේ මංගල මහා නායක ස්වාමින් වහන්සේ, ප‍්‍රධාන ලේඛකාධිකාරි, ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත උපුල්විල සාසනසුමන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද තානාපතිවරුන් ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

    මේ අතර පාගොඩ ශ‍්‍රී විද්‍යා විජයාරාමයේ අභිනව වාහල්කඩ, බෝධින්වහන්සේ වටා ඉදිකළ රන්වැට ආදි විහාරාංග රැසක් සඟ සතුකොට පූජා කිරිමේ පුණ්‍ය මහෝත්සවය ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණි.

    අභිනව රන්වැට විවෘත කිරීමෙන් අනතුරුව බෝධින් වහන්සේ වෙත ප‍්‍රථම පුෂ්පෝපහාරය හා ගිලන් පස පූජාව ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර පාගොඩ ශ‍්‍රී විද්‍යා විජයාරාමයේ විහාරාධිපති පූජ්‍ය කරගහඋල්පත සුගතනන්ද නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 20 ජනවාරි 2019 20:28

    Latest News