බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු පාසල්වල 6-11 පන්ති හෙට (23) ඇරඹේ (වීඩියෝ)

නොවැ 22, 2020
  • බස්නාහිර පළාත සහ අනෙකුත් හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු පාසල් හෙට ආරම්භ කෙරේ.

    පාසල් විවෘත කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණි. දරුවන් පාසල් වෙත ඒවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මාපියන්ගෙන් ඉල්ලා සිටී.

    පාසල් විවෘත කරනු ලබන්නේ, සැලසුම් සහගතව ගත් තීරණයකට අනුවයි. කොරෝනා මර්දන කාර්යසාධක බලකායේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව දිවයින පුරා පාසල් පන් දහසකට අධික සංඛ්‍යාවක් හෙට විවෘත කෙරේ.

    පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ්කාබද්ධව සෞඛ්‍ය විශේෂ නිර්දේශ මාලාවක් ද ප්‍රකාශයට පත්කර තිබේ. ඒම නිර්දේශ මාලාව මේ වනවිටත් පාසල් වෙත ලබාදී අවසන්.

    කෙසේ වුවද කුරුණෑගල නගර සභා සීමාවේ සියලු පාසල් ආරම්භ කෙරෙන්නේ තවත් සතියකට පසුවයි. පාසල් ළමයින් ප්‍රවාහනයට අදාළව හඳුන්වා දී ඇති මාර්ගෝපදේශවලට අනුගතව ක්‍රියාකරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

    Last modified on ඉරිදා, 22 නොවැම්බර් 2020 20:20

    Latest News