ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නොවැ 21, 2020

    බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ද ඇති වේ.

    උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ දීත් සිහින් වැසි ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ. තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News