රියදුරු බලපත සඳහා අවශ්‍ය වන වෛද්‍ය සහතිකය ඊ චැනලින් සේවාවෙන්

නොවැ 20, 2020

    රියදුරු බලපත් ලබා ගැනීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ලබා දෙන යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඊ චැනලින් (e - Channeling) සේවාව හරහා තමන්ට පහසු වේලාවක් වෙන් කරවා ගැනීමට අවශ්‍ය පහසුකම සපයා තිබෙනවා.

    ඒ අනුව, එම වෙන් කරවා ගත් කාලය තුළ සියලු වෛද්‍ය පරීක්ෂණ සිදු කර වෛද්‍ය සහතික කඩිනමින් ලබා ගැනීමට හැකිවන පරිදි ඒම සේවාව හඳුන්වාදීම නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කෙරුණා.

    ඊ චැනලින් (e - Channeling) සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒක්ව ගෙනෙන මෙම සේවාව ඕනෑම දුරකථන ජාලයකින් අංක 225 ට ඇමතීමෙන් හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන ජාලය මගින් අංක 1225 ට ඇමතීමෙන් ලබා ගැනීමට මේ අනුව පහසුකම් සැලසේ.

    මෙම සේවාව දිවයින පුරා පිහිටි සියලුම ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ ශාඛා මගින් ද ලබා ගත හැකිය.

     

    Latest News