අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 75 වැනි ජන්ම දිනය අදයි

නොවැ 18, 2020

    මෙරට විධායක ජනාධිපති ධුරය දෙවරක් හෙඹවූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.

    තිස් අවුරුද්දක් පුරා පැවති එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදය නිමාකර රටට සාමය උදාකර දුන් නායකයා ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක් වන්නේ.

    බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් 1970 වසරේ මැයි මස පැවති මහ මැතිවරණය ජයග‍්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතා මන්ති‍්‍රවරයෙකු ලෙස දිව්රුම් දුන්නේ 1970 ජුනි මස හත් වනදා.

    ඒ එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ති‍්‍රවරයා ලෙසිින්. කැබිනට් අමාත්‍යවරයෙකු, විපක්ෂ නායකවරයෙකු , අගමැතිවරයෙකු සහ ජනාධිපතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා වසර පනහකට වැඩි කාලයක් දේශපාලනයේ නිරතව සිටිනවා.

    මේ වසරේ අගොස්තු පස් වනදා පැවති මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයට තරග කළ රාජපක්ෂ මහතා යළි අගුාමාත්‍ය ධුරයට පත්වුණා.

    මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සැමරුම් උත්සව සහ ජාතික හා ප‍්‍රාදේශීය මට්ටමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා.

    මහින්ද රාජපක්ෂයන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් කිරිඅම්මාවරුන් උදෙසා දානමය පින්කමක් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වුණා.

    විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනුයි එය සංවිධාන කර තිබුණේ.

    මහා සංඝරත්නය ද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්තයේ දෙවන අදියරට මුල්ගල තැබීම එක් සංවර්ධන ව්‍යාපෘතියක්.

    මරදගහමුල නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමද මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකිරිමටයි නියමිත.

    කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට පත්කිරිමද පෙරවරුවේ සිදුකෙරෙනවා.

    සෞභාග්‍යයේ දැක්ම වැඩපිලිවෙලට අනුව 2025 වනවිට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනට සමගාමීවයි එය කි‍්‍රයාත්මක වන්නේ.

    කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශයේ ජනතාවට ඉන් ප‍්‍රතිලාභ හිමිවන බව අමාත්‍ය කෙභෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළා.

    ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන තිස් දෙදහස් හත්සියයක්.

    නව ජල සබඳතා එක්ලක්ෂ විසි දහසකට වැඩි ගණනක් මෙමගින් ලබාදීමටයි නියමිත.

    ග‍්‍රාම නිලධාරි වසම් 320ක දා හත් ලක්ෂ පනස් දහසකට වැඩි පිිරිසකට මෙමගින් සෙත සැලසෙනවා.

    Latest News