තවත් ශ්‍රී ලාංකිකයින් 128 කු දිවයිනට

නොවැ 16, 2020

    කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 128 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍යය සහ මාලදිවයිනේ සිට එම පිරිස පැමිණි බවයි.

    ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ලාංකිකයින් 59 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

    කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ලාංකිකයින් ගණන 39 කි.

    චීනයේ ෂැංහයි නුවර සිට ද ලාංකිකයින් 05 දෙනෙකු දිවයිනට පැමිණි අතර සෙසු පිරිස මාලදිවයිනේ, මාලේ අගනුවර සිට පැමිණියේ ය.

    ඔවුන් සියලු දෙනාටම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව, නිරෝධායනය සඳහා යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය.

    Latest News