අනුරාධපුර නගරයට ඇතුළු වන මාර්ග සියල්ලට වාහල්කඩ 4 ක්

නොවැ 16, 2020

    අනුරාධපුර නගරයට ඇතුළු වන මාර්ග සියල්ල ආවරණය වන පරිදි වාහල්කඩ හතරක් ඉදි කිරීමට තීරණය කර ඇත.

    ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ යොජනාවක් අනුව මෙම වාහල්කඩ හතර ඉදිකිරිමට පියවර ගෙන තිබේ.

    මේ අනුව පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගය, අනුරාධපුර - ඇල්ල මාර්ගය, අනුරාධපුර - නුවර මාර්ගය හා අනුරාධපුර - යාපනය මාර්ග මගින් අනුරාධපුර නගරයට පිවිසෙන ස්ථාන හතරේ මෙම වාහල්කඩ හතර ඉදිකිරිමට නියමිතය.

    වසංගත රෝග පවතින අවස්ථාවන්හිදි සහ වෙනත් ආරක්ෂක අවස්ථාවන්හිදි අනුරාධපුර නගරයට පිවිසෙන හා පිටව යන පුද්ගලයන් පිළිබද නිීක්ෂණය කිරීීීම මෙම වාහල්කඩ හතර ඉදිකිරිමේ අරමුණයි.

    වහල්කඩ හතර ඉදිකිරීම සඳහා මූලික සැළසුම් සකස් කිරීමට ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිළධාරීන් පිරිසක්.

    ඊයේ (15) එහි නිරික්ෂණ චාරිකාවක නිරත වු අතර, ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිීමට අමාත්‍යවරයා නිලධාරීන්ට මෙහිී උපදෙස් ලබා දුන්නේය.

    Latest News